Sunday, June 27, 2010

A Poem

Such emptiness, heartache ....
and no one to stretch out a hand in comfort
when storms overtake us.

year after year,
all our best years escape us.

To love, but why should we ?
for a while it's not worth the strain.

And life,
if you look around with cool headed attention,
is empty
and rather a second rate joke!

-- Mikael Lermentov ---

කවියක්...

යන්තම් හය හත වන විටම මැර සලෙල කළුවර
යහනට අඩ ගසයි ලඳ බොලඳ අහසට
එවිටත් ඉරී ගොසින් රිවි කිරණ ඇඳි වත

පෙනේ වලා පැල්ලම් අතර තරු ලප
තුරුලුව ඒ දෙදන ඉන්නා අයුරු දැක
සපත්නිරෝශයෙන් පෙලෙන මහ මුහුදු ලඳ
උමතුව සල සලා තම නිල් පටසලුව
පොලොවත් අතැර ඈතට දුවයි බැන බැන

නිදා සිටින විට කළුවරට නුදුරුව
අහසට මතක් වෙයි කල් ගිය පැරණි පෙම
මැවී පෙනී පොලොවේ පෙම්වත් මුහුන
උපදියි සිහින් සිරි පොද කදුළු සිරි පොද

පොලොව තමයි මහ බඹු මැවු මට උරුම සම්පත
කළුවර හොදයි අර වස පාලු මුහුදට
සිරවී සිටින මුත් කළුවරෙහි ලොම් වල
සඳ දියනිය එවමි පොලොවෙ මෙහෙවරට

උනු කොට වගුරුවා වැසි ලෙසට ප්‍රේමය
අකුණු විදුලි සරයෙන් අහස කියන එබසට
එවසුම් නැතුව රැලි නියවන මුහුදු ලඳ
පවසයි අදත් තමනට මේ පුරුදු දොස

ලුනු රස වුවත් මගෙත් අඩු නැත ප්‍රේමය
පොලොව පවා හොද හැටි දත් දෙයකි එය
මට දී මගෙ පෙම්බර කුමර කළුවර
ගනින් නුඹ නුඹේ මහ ලොකු මුඩු පොලොව

අහස, මුහුද විරසක නොවව් ඔය ලෙස!
ඔහොම තමා හිතුවක්කාර දෛවය
පැතූ අය එසේ නොලැබෙයි කිසිවකුට
නොපැතූ අයම එති සෙනෙහසින් ලුහු බෑඳ...


---- සති අන්ත පුවත් පතකින්. නම නොදන්නා කවියෙක්ගෙන් ---