Showing posts with label ai. Show all posts
Showing posts with label ai. Show all posts

Tuesday, July 05, 2011

ගූගල් මෘදුකාoග තරඟාවලිය - අදම ඇතුල් වන්න!


ලෝකයේ හොඳම සහ වඩාත්ම උද්වේගකර පරිඝනක මෘදුකා0ග තරඟාවලිය 2011 වාරය දැන් ඇරඹී ඇත! ඔබටත් අදම ඇතුල් විය හැකිය.

මෙවර තරඟය කූඹ්යන් ගුලක් වර්ධනය කර ගැනීමට සහ ආරක්ෂා කර ගැනීමට ඇති ක්‍රීඩාවකි. අනෙකුත් ක්‍රම ලේඛණ පරදවා ක්‍රීඩාව ජය ගත හැකි ක්‍රම ලෙඛයක් සැකසීම අභියෝගයයි. ක්‍රම ලේඛ අතර තරඟ නැරඹීමට හැකි වීමත්, සජීවීව ක්‍රම ලේඛ ලකුනු සටහනේ ඉහල පහල යාමත් තරඟයේ උද්වේගය වැඩි කිරීමට මෙන්ම ඉක්මනින් ක්‍රමලේඛ දියුනු කර ගැනීමටත් හේතු වේ. උදාහරණයක්.

මේ වර්ගයේ අනෙකුත් තරඟාවලි වලට වඩා ගූගල් තරඟාවලිය (Google AI Challenge 2011) ඉදිරියෙන් සිටීමට හේතු කීපයකි. එසේම මේ සඳහා දැන්ම එක් වීමෙන් ලැබෙන වාසිද රැසකි.

1) විනෝදය. මෘදුකාoග නිර්මාණ/සැලසුම් කරුවෙකුට (software developer/engineer) මෙයින් ලැබිය හැකි ආශ්වාදය ඉමහත්ය! කීමට බැරිය. කරලාම බැලිය යුතුය.

2) අත් දැකීම් අනවශ්‍යය. නැති තරමට වඩා හොඳය!

3) විශාල මෘදුකාග දැනුමක් අවශ්‍ය නොවේ. සාමන්‍ය දැනුමක් හොඳටම ප්‍රමාණවත්ය.

4) විනාඩි 5ක් ඇතුලත මුල්ම ක්‍රමවේදය එක් කර තරඟ වැදීමට පටන් ගත හැකි වීම.

5) විශාල දැනුමක් සහ ක්‍රමවේද සැකසීමේ හුරුවක් කෙටි කලකින් ලබා ගත හැකි වීම. විශේෂයෙන් සoකීර්ණ ක්‍රමලේඛණ (programs) සහ ගැටළු වලට මුහුන දීමේ අනගි හුරුවක් ලැබේ. කරලාම බලන්න!

6) ලොව වටා විසිරී සිටින අනෙකුත් දක්ෂ ක්‍රමලේඛණ කරුවන් හඳුනාගත හැකිය.

7) මෘදුකාoග ගැන දනුම හෝ පලපුරුද්දට වඩා නිර්මාණශීලිත්වයත් (creativity) ගැටලු විසඳීමේ (problem solving) හා තර්කණයේ/ගණනයේ (analytical skills and logical reasoning) හැකියාවට වැඩි තැනක් ලැබීම.

8) සම්පූර්ණයෙන්ම නොමිලේ! නැති වීමට දෙයක් ඇත්තෙන්ම නැත.

9) ශ්‍රි ලාකීය නාමය ලෝකයේ මෘදුකoග ක්ෂේත්‍රය තුල ඉදිරියට ගෙන යාමට යොදාගත හැකි මහඟු අවස්ථාවකි. වැඩි තරඟකරුවන් පිරිසක් සහභාගී වීම තුලින්ම අප රට ගැන මෘදුකoග ලෝකය තුල වැඩි අවධානයක් දිනා ගත හැකිය.

10) තමන්ට කැමති ඕනෑම භාෂාවකින් තරඟ වැදිය හැකිය.

මෙයට සහභාගි වීම සහ දක්ෂකම් පෙන්වීම ඇත්තෙන්ම ඔබ හිතවාටත් වඩා පහසු සහ සරලයි. දැන්ම එක්වී බලන්න!

වැඩි විස්තර සඳහා.

පසුගිය වසරේ තරඟාවලියේ මගේ අත් දැකීම් මෙහි සඳහන් කර ඇත.

තරඟාවලිය සඳහා පිවිසුම මෙතනින්.

උදවු සහ මඟ පෙන්වීම් අවශ්‍ය නම්, ඔබේ ප්‍රශ්ණ කොමෙන්ට් කරන්න. දන්නා අනෙක් අයටත් කියන්න!

ජය!

Saturday, February 19, 2011

The New Blog

Today I started a new blog to dedicate to my long term hobby, Artificial Intelligence in games and puzzles.

This blog will discuss on gaming theory, algorithms and my experiences of developing games. More than theory, the blog will attempt to discuss individual puzzles/games and the challenges in solving/playing them.

It will also concentrate on winning strategies for AI engines. While I intend to share some of my code/algorithms to facilitate discussions among developers, the blog will mostly for anybody who has an interesting in solving puzzles, programmers or not.

see you there... !